Ill Poya Day

 

"Charathha bhikkhawe chaarikan - Bahujana hithaaya, bahujana sukhaaya"

"My dear children, don't go in a one way. Preach dhamma by going different ways and villages in order to cure people's soul and to bring them into the correct path." This is preached by our Gauthama Buddha. According to Buddhist language, the month 'November' is known as 'Ill' which means cold. The rainy season ends and the winter begins this month. This is the last poya day of the 'wassana' (rainy) season. With the end of Ill poya, the 'Katina pinkama' also should end. The katina pinkama is considered one of the highest deeds in Buddhism.  During this period buddhist monks stay inside their premises due to heavy rains. This roughly happens for three months. This month is inherited to have many special events of the Buddha Sasana as,


End of the wassana season

Ill is the month that ends the wassana season. Buddhist people do many good things during the three months of wassana and after the completion, they give 'Chiwara' which were made by them to monks. This is celebrated like a festival once a year.



First Buddhist missionary activity by the sixty arahath

The first missionaries to preach dhamma from the Buddha Sasana and distribute the Dhamma was called 'The First Dhamma Messengers'.  Our great Bodhisattva sent this Dhamma Messengers on the immediate first Ill moon poya day after the enlightenment. 



Passing away of the chief disciple 'Sariputta'

Sariputta, who was the Right Agra Shravaka, the Dhamma Commander and the Senior in Wisdom, appealed to the Buddha for permission to attain Parinirvana within seven days on the day of Ill Poya.


The announcement of the future Buddha-hood of Maithriya Bodhisattva 

During the Buddha's period, Maithriya Bodhisattva was a monk namely 'Aarya Maithri'. On an Ill Poya day, he presented a Buddha with two precious chivara and observed 'Animisa Lochana Pujawa'. At this time he was announced as the future Buddha-hood.



Laying of 'Dakunu Aku Dhathuwa' (Right Collar bone)

After the establishment of Buddha sasana in Sri Lanka, 'Sumana Saamamera' went to Dambadiva (India) to bring treasure for the first dagaba Thuparamaya. Then he returned with the right collar bone of the Gautama Buddha (Dakunu Aku Dhathuwa) and some treasure was given by King Dharmashoka.


Jutila brothers entering the Buddha's order

Our Gauthama Buddha went to 'Uruwela Danawwa' to make peace among three brothers called 'Uruwela Kashyapa, Nadee Kashyapa, and Gaya Kashyapa' and take them under his order.





ඉල් පොහොය දිනයේ වැදගත්කම


"චරථ භික්ඛවේ චාරිකං - බහුජන හිතාය, බහුජන සුඛාය"ලෙස දේශනා කර අදවන් අති උතුම් දිනක අප මහා බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දූත කණ්ඩායම පිටත් කර හැරියේ දෙදෙනකු එක මග  නොවැඩ, ගම් නියම් ගම් සිසාරා වැඩම කර බොහෝ ජනයාගේ හිත සුව පිණිසත්, ඔවුන්ගේ සැප පිණිසත් නිර්මල වූ ධර්මය දේශනා කිරීම පිණිස ය. බෞද්ධාගමිකව නොවැම්බර්  මාසය ඉල් මාසය ලෙස හඳුන්වනු ලබන අතර ඉල් යනු  හීල/සීතල යන අර්ථය ගෙන දෙන වචනයකි. වස්සාන කාලය අවසන් වී හේමන්ත හෙවත් සීතල ඍතුව ආරම්භ වන්නේ ඉල් මාසයේදී ය. සම්බුද්ධ සාසනයේ සුවිශේෂී සිදුවීම් බොහොමයකට මෙම මාසය උරුමකම් කියනු ලැබේ. වස් පින්කම් මාලාවේ  අවසානය, මෙත් බෝසතුන්ගේ විවරණය, ප්‍රථම ධර්ම දූත සේවය, අග්‍ර ශ්‍රාවක සැරියුත් මහරහතන් වහන්සෙගේ පිරිනිවන, ශ්‍රී ලංකාවට බුදු රදුන්ගේ දකුණු අකු ධාතුන් වහන්සේ වැඩම වීම ආදී බොහෝ වැදගත් සිදුවීම් බොහොමයකට මෙම පොහෝ දිනය උරුමකම් දරනු ලැබේ.


වස් සමයේ අවසානය 

පුරා  තෙමසක් පුරා පැවති වස් සමයේ අවසානයට ඉල් මාසය උරුමකම් කියයි. මෙම සමයේ බෞද්ධයෝ බොහෝ පින්කම් කරති. කුඩා කුඩා පින්කම් කර චීවර මාසයේදී තම දෑතින් නිමවන ලද චීවර පූජා කිරීමෙන් මේ කඨින පින්කම සිදු කරනු ලැබේ. 


ප්‍රථම ධර්ම දූත සේවය 

පළමුව සම්බුද්ධ සාසනයේ පැවදිව ධර්මය බෙදාහැරීමෙහි යෙදෙන දූත පිරිස ප්‍රථම ධර්ම දූතයන් ලෙස හැදින්වේ. අප මහා බෝසතුන් මෙම ප්‍රථම දූත පිරිස පිටත් කර හැරියේ සම්බුද්ධත්වයට පත්වී එළඹෙන පළමු ඉල් පසළොස්වක පොහෝ දිනයේය.


සැරියුත් මහරහතුන්ගේ පිරිනිවන

දක්ෂිණ අග්‍ර  ශ්‍රාවක, ධර්ම සේනාපති හා ප්‍රඥා ලාබීන් අතර අගතනතුරු දැරූ සැරියුත් මහරහතුන් වහන්සේ බුදුරදුන්ගෙන් සත් දිනක් තුල පරිනිර්වාණයට අවසර අයාචනා කළේ ඉල් පොහෝ දිනකදී ය. 



මෛත්‍රී බෝසතුන් නියත විවරණ ලැබීම

මෛත්‍රී බෝසතුන් එවකට 'ආර්‍ය මෛත්‍රී' නමින් බුදු සසුනේ පැවිදි බිමට පත්ව ඉල් පොහොය දිනයක දී ඉතා වටිනා චීවර ද්විත්වයක් බුදුරදුන්ට පූජා කර උන්වහන්සේ ඉදිරියේ අනිමිස ලෝචන පූජාවේ යෙදෙන අතරතුර නියත විවරණ ලැබීය.  


දකුණු අකු ධාතුව වැඩම වීම

ලංකාවේ බුදු සසුන පිහිටුවීමෙන් පසුව ගොඩනැගූ මුල් සෑය හෙවත් ථූපාරාමයෙහි නිදන් කිරීම පිණිස සුමන සාමණේරයන් වහන්සේ දඹදිවට වැඩම කොට බුදු රදුන්ගේ දකුණු අකු ධාතුව  (අක්ෂකාස්ථිය) සමග ධර්මාශෝක නිරිඳුන් පරිත්‍යාග කළ පාත්‍රයක් පමණ සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රථම වරට වැඩම කරන ලද්දේ ද මෙම උතුම් පොහෝ දිනයේ ය. 


තුන්බෑ ජටිලයින් දමනය

උරුවේල කාශ්‍යප, නදී කශ්‍යප හා ගයා කශ්‍යප යන තුන්බෑ ජටිලයන් දමයනය කිරීමට අප මහා බෝසතුන්  උරුවේල දනව්වට වැඩම කලේ ද ඉල් පොහෝ දිනකදී ය.



Written by:Rtr.Heshani Dissanayake

Community Service Director 2021/2022


Comments

Popular Posts